බැසිල්ට, රණවකට එරෙහි දිවිනැගුම නඩුව යළි කල්යයි

බැසිල්ට, රණවකට එරෙහි දිවිනැගුම නඩුව යළි කල්යයි

පැවති 2015 ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් එවකට ආර්ථික සංවර්ධන ඇමති, වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවකට එරෙහිව ගොනු කර තිබූ නඩුව යළි කැඳවීම නොවැම්බර් මස 16 වනදා තෙක් කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ නිරෝධායන ඇදිරිනීතිය නිසා පසුගියදා මෙම නඩු විභාගය කල් දැමීමට තීරණය කර තිබූ අතර විනිසුරුවරයා එය නැවත නොවැම්බර් මස 16 දක්වා කල් දමා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්