සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සදහා ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන මෙලෙස එම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මීට පෙර කෘෂිකර්ම ඇමත මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියේ තමන් කෘෂිකර්ම ඇමති ධුරයේ ඉන්නා තුරු එක හාල් ඇටක් පිටරටින් ගෙන ඒමට කටයුතු නොකරණ බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්