ඩොලර් හිඟයි… වරායේ ආහාර කන්ටේනර් එළියට ගන්න ඩොලර් මිලියන 15ක් ඕනෑ…

ඩොලර් හිඟයි… වරායේ ආහාර කන්ටේනර් එළියට ගන්න ඩොලර් මිලියන 15ක් ඕනෑ…

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 15ක් හෙවත් රුපියල් ලක්‍ෂ 35,000කට අධික මුදල් අවශ්‍ය බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කන්ටේනර් නිදහස් කිරීමට නොහැකිව සිටින සමස්ත ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඇතුළත් ලැයිස්තුවක් සකස් කර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට බාරදී ඇති අතර ඉදිරි ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටින බවත් ආහාර ආනයනකරුවෝ සඳහන්කරති.

ආහාර ආනයනකරුවන්ගේ සංගමය ලෙස තමන්ද බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් තනි තනි ආනයනකරුවන්ද පෞද්ගලික මට්ටමින් බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn