රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක්… නායයාමේ අනතුරු ඇඟවීමකුත්…

වරින්වර කඩා හැලෙන වැසි සමග පවතින කාලගුණ තත්වයන් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇති බවත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහකට පළමු අදියරේ නායයාමේ අනතුරු නිකුත් කර ඇති බවත් වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කලවාන සහ නිවිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවය.

මේ අතර කලුගඟේ ජල මට්ටම අද (27) අලුයම ගංවතුර අවදානම් මට්ටමට වූ මීටර් 5.2ට වඩා ඉහළ ගොස් ඇත.

නිරිඇලි, දෙනවක් සහ කුරු යන ගංගාවල ජල මට්ටම් තවදුරටත් අද උදෑසන නවවිටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගංවතුර මට්ටම් පෙන්වන ජල මාපකවල දත්ත තහවුරු කරයි.

වේගඟේ සහ කුකුළේ ගඟේ ජලමට්ටම්ද සාමාන්‍ය මට්ටම වඩා ඉහළ ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn