අද මෙරට කොවිඩ් මරණ 71ක්…

අද මෙරට කොවිඩ් මරණ 71ක්…

අද (26) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව මෙරටදී ඊයේ (25) මරණ 71ක් සිදුව තිබේ.

ඒ අනුව කාන්තාවන් 39 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 32 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 12,680ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 55 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 08වන ස්ථානයේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්