අග්‍රගන්‍ය භාෂා පුහුණු මධ්‍යස්ථානය ජර්මන් ටෙක්වෙත පැවරීමේ තැතක්…

අග්‍රගන්‍ය භාෂා පුහුණු මධ්‍යස්ථානය ජර්මන් ටෙක්වෙත පැවරීමේ තැතක්…

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කරනු වස් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවන ලද “භාෂා අධ්‍යාපනය සඳහා අග්‍රගන්‍ය පුහුණු මධ්‍යස්ථාන” ත්‍රිත්වයෙන් බිබිල වෙල්ලස්ස ජාතික පාසල් භූමියේ ඉදිකරන ඇති මධ්‍යස්ථානය නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ජර්මන් ටෙක් ආයතනය වෙත පවරාදීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

එය එලෙස පවරා නොදෙන ලෙසත් බිබිල පිහිටි මෙම “භාෂා අධ්‍යාපනය සඳහා අග්‍රගන්‍ය පුහුණු මධ්‍යස්ථානයේ” වටිනාකමත් අවශ්‍යතාවයත් පැහැදිලි කරමින් ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කර තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි නේවාසික පහසුකම් සහිත එකම පුහුණු මධ්‍යස්ථානයද වන්නේ මෙම මධ්‍යස්ථානය වන අතර මෙහි විදුහල්පති පුහුණු කිරීම්, ගුරු පුහුණු, නවක උපාධිධාරී ගුරු පුහුණු, දින 10 නේවාසික පුහුණු, සේවස්ථ පුහුණු, ඉංග්‍රීස් ඩිප්ලෝමාධාරීන්ගේ නේවාසික පුහුණු, ඉංග්‍රීසි භාෂාව සඳහා නේවාසික ශිෂ්‍ය කඳවුරු, ක්‍රීඩා පුහුණුකරුවන්ගේ දින 45ක නේවාසික පුහුණුව ආදී වශයෙන් විවිධ වැඩසටහන් සඳහා මෙම මධ්‍යස්ථානය දිගින් දිගටම භාවිතා කරන බවද එහි පෙන්වා දී ඇත. විශේෂයෙන් 2021 වසරේ කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් වැඩසටහන් පැවැත්වීම සීමා කර ඇති අතර අවස්ථා කිහිපයකදී මොණරාගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නිරෝධායනය කිරීම සඳහාද භාවිතා කළ බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ. එමෙම මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන ශාඛාව යටතේ පාලනය වන, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් හා කාර්යය මණ්ඩලයක් සේවයේ යෙදෙන ආයතනයක් බවද අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්