මෙවර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 750ක් වැඩිපුර වැය වී ඇතැයි වාර්තා වේ.
වෙනදා මෙම නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 450ක පමණ මුදලක් වැය වන අතර මෙරව නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1200ක් වැය වී ඇත.
මේ සම්බන්ධයෙන් සංස්ථාවේ වෘත්තීය සමිති අදාළ බලධාරීන්ට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදු කිරීමටද නියමිතය.
පිරිපහදුවේ නඩටත්තු කටයුතුවලදී බරපත රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කිරීමට සේවකයන්ට සිදුවන නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය සලකා ලක්ෂ 07ක් 08ක් අතර මුදලක් දීමනා වශයෙන් ලබාදීමද සිදුවන බව වාර්තා වේ.
එහෙත් මෙවර නඩත්තු කටයුතු සඳහා පසුගිය වරට වඩා මෙලෙස තුන්ගුණයකට ආසන්න මුදලක් වියදම් වීම විශේෂත්වයකි.
Views: 0










