කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර ඒ පිළිබඳව අවසන් තීන්දු ගැනීම සඳහා ජීවන වියදම් කමිටුවේ තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ලබන 27 වනදා කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබ තීරණය ගනු ඇත.
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (27) පැවති කිරිපිටි ජීවන වියදම් කමිටුවේදී කිරිපිටි කිලේ එකක් රුපියල් 200ක්න්ද, තිරිඟුපිටි කිලේ එකක් රුපියල් 10කින්ද, ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 550කින්ද, සිමෙන්ති කිලෝ 50 මිටියක් රුපියල් 50කින්ද ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමව තිබේ.
Views: 0










