අශ්වයා පැනගියපසු මහින්ද ඉස්තාලේ වසයි

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු සන්ධාන රජයෙන් ඉවත්වූ සියලුම මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය ධුර, තනතුරු හා ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස හෝ වෙනත් කිසිදු තනතුරක කටයුතු නොකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ නමුත් අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා “පොදු අපේක්ෂක” ලෙස කටයුතු කරන බවත් එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn