ආණ්‌ඩුව තුළ මතුව ඇති පිපිරීම නිසා හදිසි කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බව ආණ්ඩුපක්ෂ ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට අතෘප්තියෙන් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ආන්ඩුව තුළ රඳවා ගැනීම ඉලක්ක කර ගනිමින් ඇමති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට සූදානම්ව සිටී. බරපතලම සැකය මතුවී ඇත්තේ අග්‍රාමාත්‍ය වරයා සම්බන්ධයෙන්ය.
මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයා පොදු අපේක්ෂයා බව මේ වනවිටත් තහවුරු වී ඇති අතර ඔහු වටා විශාල මැති ඇමතිවරු පිරිසක් සිටින බව හෙළි වේ. මේ වනවිටද පූජ්‍ය අතුරලියේ රතන හිමි, ඇමති පාඨලී චම්පික රණවක, මන්ත්‍රී වසන්ත සේනානායක, සහ පත්කළ මන්ත්‍රී රජීව විජේ සිංහ ආණ්ඩුවෙන් ඉවත්වගොස් අවසන්ය.
Views: 0








