ශ්‍රීලනිපයට ගුරුවරුන්ගෙන් බලහත්කාර මුදල්

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන බන්දුල නැමැත්තාගේ නියෝග මත කොළඹ අධ්‍යාපන කළාපයේ සියලුම ගුරුවරුන්ගේ මාසික වැටුපෙන් මුදල් කපා ගැනීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සාමාජික මුදල් යැයි පවසමින් මෙම මුදල් කපාගෙන ඇති නමුත් එම ගුරු සංගමයේ සාමාජික නොවන ගුරුවරුන්ගෙන්ද මෙ‍‍ලෙස බලහත් කාරයෙන් මුදල් කපා ගෙන ඇත.

ගුරුවරු මේ සම්බන්ධයෙන් කලාප කාර්යාලයෙන් විමසන විට එම කාර්යාලයෙන් පිළිතුරු ලෙස ලැබී ඇත්තේ “බන්දුලගෙන් අහගන්න” යනුවෙනි.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බංකොලොත් ලෙස කටයුතු කරමින් ගුරුවරුන්ට හිමි වැටුපද කොල්ල කමින් සිටින බවත් දැන් ගුරුවරුන් එම සංගමය ප්‍රතික්ෂේප කර ඇති බවත් ගුරුවරු වැඩිදුරටත් පවසති. ගුරුවරුන් පවසන්නේ යතුරුපැදි ලබාදෙන්නේ තම ගුරුසංගමයේ සාමාජිකයන්ට පමණක් යැයි කීවද කිසිඳු ගුරුවරයෙතු ඊට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බවයි.

මෙලෙස අයකරගන්නා මුදල් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීමට නියමිත බව මේ වනවිට හෙළිදරව්වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn