ජනාධිපතිගේ විවෘතකිරීම ගින්නෙන් නවතියි

(දෙවන සංස්කරණය) රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයේ අවසන් වසරේ සිසුන් සිය ප්‍රායෝගික අධ්‍යන කටයුතු කරමින් සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ අද (20) අළුයම ඇතිවූ ගිනි ගැනීම සම්බන්ධ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

ලබන 22වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හදිසියේ විවෘත කිරීමට සූදානමින් මෙම සීටී ස්කෑන් යන්ත්‍රයක් සවි කරමින් සිටියදී එහි ඇතිවූ විදුලිය කාන්දුවීමේ තත්වයක් මත මෙම ගින්න හටගෙන ඇතැයි පැවසේ.

එය රුපියල් කෝටි 25ක් වටිනා යන්ත්‍රයක් වන අතර උතුර, උතුරුමැද සහ හදිසියකදී කුරණෑගල ඇතුළු රෝහල් සඳහා භාවිතයට ගැනීමට නියමිතව තිබී ඇත.

මහල් 6කින් යුත් මෙම ගොඩනැගිල්ලේ 71 සිට 78 දක්වා වාට්ටු 8ක් තිබෙන අතර එහි රෝගී අවම වශයෙන් වාට්ටුවක 50ක් හෝ නේවාසිකව සිට ඇත. මේ වනවිට ඔවුන් ඉවත් කර ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් හිස් කරමින් පවතී.

මෙම ගින්නෙන් සිදු වූ සම්පූර්ණ අලාභය රුපියල් කෝටි 50ක් පමණ වෙතැයි මේ වනවිට වාර්තා වේ.

ආශ්‍රිත පුවත්

මහ රෝහ‍ලේ ගින්නක්


Facebook
Twitter
LinkedIn