මහ රෝහ‍ලේ ගින්නක්

අනුරාධපුර මහ රෝහලේ මහල් හයකින් යුතු ගොඩනැඟිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.

එම ගොඩනැගිල්ලේ පහත මාහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රය සවිකොට පැවති කොටසේ අද (20) අළුයම මෙම ගින්න හටගෙන ඇති අතර ‍රෝහලේ මහාචාර්ය ඒකකය පිහිටා ඇත්තේ එම ගොඩනැගිල්ල බවද වාර්තා වේ.

ගිනි නිවීම් ඒකක,රෝහල් කාර්ය මණ්ඩලය හා පොලීසිය එක්ව මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය කියා සිටියි.

Facebook
Twitter
LinkedIn