ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයාට අගමැති ධූරය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා සුහද ආරාධනයක් කළ බවද ඇමතිවරයා එය තරයේ ප්‍රතික්ෂේප කළ බවද අනාවරණය වේ. ඉන් පසු එම මධ්‍යම කාරක සභාව කිසිදු වැදගත් කරුණක් සාකච්ඡා නොකර ජනාධිපතිවරයාගේ උපන්දින සාදයක් බවට පත් කිරීමෙන් නිමා වූ බව අනාවරණය වේ.
මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ පටු අරමුණින් පමණක්ම අගමැති ධූරය මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයාට ලබා දීමට ජනාධිපතිවරයා සූදානම් වුවද එම අපේක්ෂාව ඉටු නොවූ බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. මංගල සමරවීර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා දැරූ සියලු ප්රයත්න බිඳ වැටීමෙන් පසු ආණ්ඩුවේ අභ්‍යන්තර ඉරි තැලීම් හෙළ උරුමය හරහා ප්‍රකාශයට පත් වූ බවද එම තත්වය සමහන් කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා පාවිච්චි කිරීමට දැරූ උත්සාහයද මුළුමනින්ම බිඳවැටී ඇති බව වැඩි දුරටත් අනාවරණය වේ.









