මාතලේ රෝහල් භූමියෙන් මතුවූ සමූහ මිනීවළ 1986 – 1990 වකවානුවට අයත් යැයි මීට පෙර අධිකරණයේදීම කියවී ඇතත් එහි වගකිව යුත්තන් එය වෙනතකට යොමු කිරීමේ වෑයමක නිරතව සිටින බව ජනතා විමුක්තිපෙරමුණේ විදෙස් කටයුතු පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඒ පසුගිය 18 වනදා එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිණි.
එම මිනීවළෙන් මතු වූ ඇටසැකිළි පිළිබඳ කාල නීර්ණ වාර්ථාවක් ලබාගැනීම ඒම සඳහා ඇමරිකාවට යැවීමට අධිකරණය ලබාදුන් අවසරය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුනු වාර්තාව අධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ ඉහල නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම ඇට සැකිළි 1950ට පෙර මියගිය අයගේ බව වාර්තාවේ සඳහන් වන බවයි.
කෙසේ නමුත් එය අගතියට පත් පාර්ශවය වෙනුවේන් පෙනී සිටි නීතිඥයින් එම වාර්තාව ඉල්ලා සිටියද එය ලබා දී නැති අතර ලබන දෙසැම්බර් 05වනදාතෙක් නඩුව කල් තබා ඇත.
එදිනට නඩුව අවසන් කරනු ඇති බවට එහිදී ඉඟි පළ වූ බවද වාර්තා වේ.
මෙදින මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය නිරීක්ෂණය කිරීමට එහි ගිය ජනතා විමුක්ති පෙරමුණේ දේශාපලන මණ්ඩල සභික සෝම වංශ අමරසිංහ මහතා අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කිසා සිටියේ මෙම නඩු විභාගයට අදාළ ඇට සැකිළි පැහැදිලි ලෙසම 1986 – 1990 කාලය තුළ වධයට පමුණුවා මරණයට පත් කළ අයගේ බවට කිය වී ඇති බවත් රහස් පොලීසිය කියන පරිදි 1950ට පෙර මිය ගිය අයගේ ඇට සැකිලි නොවන බවත්ය. ඇමරිකාවට පරීක්ෂණ සඳහා යවා ඇත්තේ මාතලේ සමූහ මිනීවළෙන් මුතු වුන ඇට සැකිලිවල කොටස්ද යන්න සැක සහිත බවත් එහිදී අමරසිංහ මහතා පවසා සිටී.
ඇමෙරිකාවෙන් ලැබුණු වාර්තාව තවමත් හෙළි නොකරන්නේ මන්ද, නීතීඥ මහත්වරුන්ට එය ලබා නොදෙන්නේ කුමක් නිසාද යන්න ප්‍රභලව සැකයට තුඩු දෙන කරුනක් බවද අමරසිංහ මහතා කීය.
මෙම සමූහ මිණිවළ මතු වූ අවස්තාවේ සිට සිදුවූ පරීක්ෂණ අවුල් කිරීමට යම් යම් අය කටයුතු කළ බවද, 1988, 89 වකවානුව තුළ මාතලේ හමුදා මෙහෙයුම් භාරව සිටියේ ආණ්ඩුයේ පුබලයෙකු බවද හෙළි වී ඇතැයි ඒ මහතා කියා සිටී.
රට පුරා සමූහ මිණීවළවල් විශාල ග
ණනක් තිබෙන බවට තොරතුරු ඇතත් ඒවා මෙම ආන්ඩුව බලයේ ඇති කාලයක පරීක්ෂණයට භාජනය කිරීමේ ඵලක් නැති බවද, 87-90 සිද්ධිවලට අදාළ සාක්ෂි මහ පොළව යට ආරක්ෂිතව පැවතීම වඩා සුදුසු බවද අමරසිංහ මහතා කීය.
ජනතා ආණ්ඩුවක් යටතේ 1987-1990 සිද්ධි පිළිබඳව නියත ලෙසම පරීක්ෂණ පැවැත්වෙන බවද අපරාධවලට වග කිව යුත්තන් අධිකරණයට පමුණුවන බවටද අමරසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.









