මහින්ද රාජපක්ෂ මහාතාගේ දෙවන ධුරයේ සිව්වන පදවිප්‍රාප්ති සැමරුම වෙනුවෙන් පැවැත්වෙන ආශිර්වාද පූජා සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යටතේ තිබෙන සියලුම දෙපාර්තමේන්තු සහ ආයතනවල කාර්ය මණ්ඩලය අද (19) දහවල් 2.00ට හුණුපිටිය ගංගාරාමයට කැඳවා තිබේ.
රාජකාරි වේලාවන් තුළදී මෙම ආශිර්වාද පූජා පැවැත්වීමට නියමිතය. රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතන ගණනාවක දෛනික කටයුතු මේ නිසා බිඳවැටීමට ලක්වේ.
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය යටතේ තිබෙන සියලු ආයතනවල අටදහස් තුන්සිය දාහත් දෙනෙක් (8,317) සේවයේ නිරතව සිටිති. මේ වනවිටද මෙම අමාත්‍යංශය යටතේ තිබෙන සියලු ආයතනවල කටයුතු අඩපණව ඇතැයි වාර්තා වේ.
Views: 0








