මතභේදාත්මක දෙරටක් එක්ව යුද අභ්‍යාසයක

ඉන්දියාව-චීනය ඒකාබද්ධව යුද අභ්‍යසයක් ඉන්දියාවේ පූනේහිදී ආරම්භ කර තිබේ. ඊයේ (17) ආරම්භ කර ඇති මෙම යුද අභ්‍යාසය ලබන 25 වැනිදින දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.

හෑනිං හෑන් ලෙස නම් කර ඇති මෙම යුද අභ්‍යාසය දෙරට ඒකාබද්ධව පවත්වන සිව්වන යුද අභ්‍යසය බව වාර්තා වේ. දෙරටේ හමුදා අතර විශ්වාසය හා ආත්ම විශ්වාසය වර්ධනය කිරීම හා කලාපීය ත්‍රස්තවාදය මර්දනය කිරීම පුහුණු අභ්‍යාසයේ අරමුණ බව වාර්තා වේ.

බාධක මැඩලීම, ත්‍රස්ත ක්‍රියා මර්දනය, සෝදිසි මෙහෙයුම්, අවි පුහුණුව, පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව දෙරට ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

දේශසීමා ගැටුම් පිළිබඳව පසුගිය කාලය පුරාවට මතභේදාත්මක තත්වයන් නිර්මාණය වී තිබූණි. ආසියාවේ නැගී එන ආරථිකයක් සහිත ඉන්දියාව හා ලෝක ආර්ථිකයේ බලවතකු වන චීනය විසින් ගොඩනැගෙන සහයෝගය ලෝක දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත්වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn