තවත් මන්ත්‍රීවරයෙක් සන්ධානය හැරයයි

ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන වසන්ත සේනානායක මහතා ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අයවැය ලේඛනයේ තුන්වැනි වර ඡන්ද විමසන අවස්‌ථාවේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කිරීමෙන් අනතුරුව ඔහු විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බවත් පෙරේදා (16) සවස සිය පෞද්ගලික කාර්යාලයේ බඩු බාහිරාදිය ද ඔහු ඉවත් කරගෙන ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ නියෝජනය කරනු ලබන ඔහු ඩී.එස්. සේනානායක මහතාගේ මුණුපුරෙකි.

Facebook
Twitter
LinkedIn