video: චම්පික – ගම්මන්පිල ඇමති ධුර අත්හරිති

(දෙවන සංස්කරණය) වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්ව යාමට නොදී රැකගැනීම සඳහා ගන්නා ලද සියළු ප්‍රයත්න බිඳවැටීමෙන් අද එම පක්ෂය මධ්‍යම ආණ්ඩුවේ කැබිණට් ඇමතිධූරය සහ බස්නාහිර පළාත් සභාවේ ඇමතිධූරය අත්හැර ඉවත්ව යන බව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළි කළේය.

එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමි බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතා ඇතුළු කිහිපදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්ව නොයනු ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුනද ඒ සියළු දෙනාම ඉවත්ව ගියහ. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී එයට එක්වූ සියලු දෙනා රාජපක්ෂ පාලනය විවිධ ආකාරයෙන් දැඩි විවේචනයට ලක්කළේය.

ඇමති පාඨලී චම්පික රණවක මහතාට විරුද්ධව විදුලි බල මණ්ඩලයට ‍රුපියල් කෝටි 150ක අලාබයක් සිදු කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා පරීක්ෂණ සිදු කරන බව වර්තමාන විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. වෙනත් මැති ඇමතිවරුන් ආණ්ඩු පක්ෂය තුළ රඳවා ගැනීම සඳහා පොදුවේ භාවිතා කළ මෙම තර්ජනාත්මක උපක්‍රමයට පාඨලී චම්පික රණවක මහතා සාර්ථකව මුහුණ දුන් අතර මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට එවැනි පැමිණිල්ලක්ද යොමු කර නැත.

Facebook
Twitter
LinkedIn