අවසන් තීරණය ගත්තා – රතන හිමි

තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව වූ ජාතික හෙළ උරුමයේ අවසන් තීරණය ඊයේ (17) පස්වරුවේ රැස් වු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

තම පක්ෂය විසින් ගත් තීරණය අද (18) දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් උන්වහන්සේ ප්‍රකාශකර සිටී.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඊයේ (17) ඉල්ලා අස්වූ අතර එම කමිටුවේ සභාපති තනතුරු වෙනුවෙන් උන්වහන්සේට ලබා දී තිබු නිල රථය ද එසේම රාජගිරිය ප්‍රදේශයේ තිබූ ඉඩම් කැබැල්ලක්ද නැවත රජයට බාර දී තිබේ.

Facebook
Twitter
LinkedIn