ඊශ්‍රාලයට විසින් අරාබි රටවල් රැසකට එරෙහිව එකවර දියත් කළ සයදින යුද්ධයේදී යොදා ගත් ගුවන් ප්‍රහාරක බලය විශාල වශයෙන් ඉක්මවා ගිය බලයක් තලේබාන් අන්තවාදී කල්ලියට අත්කර දී ඇති බව ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයන් අනතුරු අඟවති.
ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යන මොහොතේ එරට ක්‍රියාත්මකව තිබූ නිල හමුදාවලට අති නවීන ගුවන් ප්‍රහාරක යානා 47ක් ඇතුළු 200කට ආසන්න ගුවන් හමුදා යානා තොගයක් ලබා දී තිබිණි. මේ වන විට එම යානා සියල්ලම තලේබාන් අන්තවාදී කල්ලිය සතුකර ගෙන තිබේ. මෙම යානා තොගයට හමුදා උපකරණ ඇතුළු භාණ්ඩ ප්‍රවාහන යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් ඇතුළු යානා විශාල ප්‍රමාණයක් අයත්වන අතර එම සංඛ්‍යාව අවම වශයෙන් 170 ඉක්මවා ඇති බව ගණන් බලා තිබේ.
ඊශ්‍රාලය විසින් 1967 ජූනි මාසයේදී ඊජිප්තුව, ජෝරාදානය, සිරියාව සහ ඉරාකයේ ගුවන් හමුදා කඳවුරුවලට එකවර පහරදීම සඳහා ප්‍රහාරක යානා 200ක් පමණ යොදා ගෙන තිබිණි. එහෙත්, මේ වන විට ඇෆ්ගන් අන්තවාදී තලේබාන් කල්ලිය සතුව පවතින ප්‍රහාරක යානා බලය 1967දී ඊශ්‍රාලය යොදාගත් ප්‍රහාරක යානාවල බලය මෙන් කිහිප ගුණයක් වනු ඇති බවට විශ්ලේශණය කර තිබේ. මෙම තත්වය දකුණු ආසියානු කලාපයේ රටවල් සියල්ලටම පාහේ බරපතල තර්ජනයක් බවට අනතුරු ඇඟවේ.
ඇෆ්ගන් නිල හමුදාව තලේබාන් අන්තවාදීන්ට යටත්වන අවස්ථාවේ අදාළ ප්‍රහාරක යානා විනාශ කිරීමට හෝ ඇමරිකාව ක්‍රියා නොකිරීම ජාත්‍යන්තර යුධ නිරීක්ෂකයන්ගේ බලවත් විමතියට ලක්ව තිබේ.










