මෙරට කොවිඩ් ආසාදිත මරණ 9,000ස ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිත මරණ 9,000ස ඉක්මවයි

මේ වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9,000 ඉක්මවා තිබේ.

ඒ ඊයේ (31) නිකුත් කළ පසුගිය 30වනදා මියගිය ආසාදිතයින් 194 දෙනා සම්බන්ධ වාර්තාවද අනුවය.

ඒ අනුව කාන්තාවන් 94 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 100 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 9,185කි.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 60 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 13වන ස්ථානයේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්