ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ ෆේස්බුක් ගිණුම හා ඊමේල් ගිණුම කිසියම් පිරිසක් විසින් “හැක්” කර ඇතැයි වාර්තා වේ. ඔවුන් උන්වහන්සේගේ ගිණුම්වලට ඇතුළු වී ඒවා අවලංගුකොට දමා ඇති බවත් පැවසේ.
උන්වහන්සේගේ ගිණුම් අවලංගු කිරීමකට ලක් කොට ඇත්තේ සේවා සැපයූ එම සමාගම් විසින් නොව ලංකාවේ කිසියම් පිරිසක් විසින් බව රතන හිමියන් පවසයි.
මීට අමතරව පසුගිය දිනවල යම් යම් පිරිස් දුරකථන ඇමතුම් ලබාදෙමින් රතන හිමියන්ට තර්ජනය කිරීම් ගණනාවක් සිදුව තිබේ. හමුදා සෙබළුන් පිරිසක් පැමිණ උන්වහන්සේගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ද බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ. එම හමුදා සෙබළුන් බීමතින් සිටි බවත් පැවසේ.
Views: 0









