ජනාධිපතිවරයාට තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන්නේ අර්ථ විග්‍රහයක් පමණක් බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් නොවන බවත් අධිකරණ ක්ෂේත්රයේ නීති ප්‍රවීණයෝ පෙන්වා දෙති.
ජනාධිපතිවරයා නීති විරෝධීව ජනාධිපතිවරණයක් කැඳවීමේ සූදානමක් පවතින බවටත් නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බවටත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්රමුඛ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් විසින් පසුගිය කාලයේ ප්‍රබල තර්කයක් මතුකරනු ලැබීය.
රට තුළ නිර්මාණය වී ඇති නීතිවිරෝධී ජනාධිපතිවරණය එරෙහි මතය යටපත් කරගැනීමට ජනාධිපතිවරයා විසින් පසුගියදා හදිසියේම අධිකරණයෙන් ඔහුට තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටියේය. ඒ අනුව පසුගිය 10වැනි දින රැස්වූ ශ්‍රේෂ්ඨාධිකරයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයාට තෙවන වරටත් තරග කළ හැකිය යන පැහැදිලි කිරීම ලබා දී ඇතැයි නිමල් සිරිපාල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිය හැක්කේ ජාතික වැදගත් කමක් සහිත කරුණ පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාට බලපාන කරුණක් පිළිබඳව අධිකරණයේ මතය විමසිමට ඔහුට හැකියාවක් නොමැති බවත් මෙය අධිකරණයට සිදුකරනු ලැබූ අනිසි බලපෑමක් බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කරනු ලැබ තිබිණි.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් විමසා ඇති ප්‍රශ්නයට පැහැදිලි කිරීමක් බවත් එය කිසිසේත්ම අධිකරණ තීන්දුක් නොවන්නේය යන්නත් නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. අධිකරණ තීන්දුවක් වීමට නම් එය දෙපාර්ශවයටම කරුණු ඉදිරිපත් කිරීමට සාධාරණ අවස්ථාවක් ලබා දී එම ඉන් පසුව එම කරුණු මත පිහිටමින් අධිකරණයේ විනිසුරුවන් විසින් තීන්දුවක් ලබාදිය යුතු බව කියාසිටින ඔවුහු එය නීතියේ පිළිගත් මූලධර්මයක් බව වැඩිදුරටත් පෙන්වා දෙති.









