ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරන බවට සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කණ්ඩායමක් ඊයේ (10) ප්‍රකාශ කර සිටි අතර අද(11) ඔවුන් අරළියගහමන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඒ බව ප්‍රකාශ කර තිබේ.
ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එච්. කේ. අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී එච්. එල්. පද්මසිරි ද සිල්වා, වයඹ පළාත් සභා මන්ත්‍රී ආර්. එම්. එම්. රත්නායක යන මහත්වරුන් මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇති අතර ඊට අමතරව එම පක්ෂයේ භික්ෂූන් වහන්සේලා වන හිමිවරුන් වන මාදිවල සීවලී, කහවත්තේ ඥානසීහ, එල්ලාවල වජිරවංශ, වග විමලරතන, විල්ගමුවේ ධම්මාලංකාර, දිවුරුම්වල විනීත, බියගම සුසීල යන හිමිවරුන් ප්රමුඛ සාමාජික භික්ෂූන් වහන්සේලා ද ඊට එක්වී සිට ඇත.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකත්වය සහ එහි වැඩපිළිවෙල පිළිබද කළකිරීම හේතුවෙන් තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහාය පළ කිරීමට තීරණය කළ බව ඔවුන් පිරිස මෙහිදී සදහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය මාධ්‍ය වෙත නිවේදනය කර සිටී.
කෙසේනමුත් එම පක්ෂය අද පැවැත්වූ මාධය හමුවකදී පැවසූවේ එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග එක්වූවේ මුදලට බවය. එහිදී නලීන් ප්‍රදීප් මන්ත්‍රීවරයා පැවසූවේ තමන්ට රුපියල් ලක්ෂ 500ක් ලබාදෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවයි.









