තමන්ට තෙවෙනිවරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වය හැකිද යන්නත් තම දෙවන ධුර කාලයේ වසර 4ක් ගෙවුණු පසු නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද යන්නත් පැහැදිලි කර දෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර තිබූ විමසීමට අදාළ තීන්දුව ඊයේ (10) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර අතර එය අද (11) සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වරටත් ජනාධිපති ධුරය සඳහා පෙනී සිටිය හැකි බව එයින් කියවී ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) ඒ (1) (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් තෝරා පත් වීමට, තරග කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බව තීන්දුවේ සඳහන් වන්යේ යැයි ද සභානායක කීවේය.
එසේම ජනාධිපතිවරයාට දෙවන වර තේරීපත්වී තම නිල කාලයෙන් වසර 4ක් ගතවුණු තන්හි ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වත්මන් ජානාධිපති මහින්ද රාජපක්ෂමහතාට වාසි සහගත තීන්දුවක් ලැබේ යැයි ජනතාව උපකල්පනයක සිටි අරත ජනාධිපතිවරයාට තෙවෙනි වර ඉදිරිපත්වීමට නොහැකි බවත් ඔහුගේ දෙවන ධුර කාලය වසර 6 ගත කළ යුතු බවත් වාචිකව පැවසීමට තමන්ට කාලය අවශ්‍ය බව පවසමින් නීතිවේදීන් යොමුකළ කරුණුවලට ශ්‍රේෂ්ඨාධිකරණය කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.









