නයිජීරියායේ පාසලක බෝම්බ පිපිරීමක්

ඊසානදිග නයිජීරියාවේ පොටිස්කුම් නගරයේ විද්‍යා හා තාක්ෂණ පාසලක රැස්වීම් ශාලාව තුළ අද (10) සිදුවූ බෝම්බ පිපිරීමකින් සිසුන් 79 දෙනෙකු තුවාල ලැබා 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීම සඳහා සටන් වැදී සිටින බොකෝ හරාම් කල්ලිය මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට පාලකයන් විශ්වාසය පළ කර සිටී.

නයිජීරියානු වේලාවෙන් අද උදෑසන 7.50ට පමණ පාසලේ රැස්වීම පැවැත්වෙන විට පිපිරීම සිදුව ඇති අතර අනතුරුව එය විසිරුණු පාවහන් සහ ලෙයින් නැහැවුණු ශාලාවක් ලෙස දිස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොකෝහරාම් කල්ලියේ සටන් තේමාව වන්නේ බටහිර අධ්‍යාපනය පාපයක් යන්නයි. ගැහැණු ළමයින් පාසල් අධ්‍යාපනය නොලැබිය යුතු බවත්, පිරිමි ළමයින් ඉස්ලාමීය අධ්‍යාපනය පමණක් ලැබිය යුතු බවත් පවසන ඔවුන් පාසල් දැරියන් 200කට වැඩි පිරිසක් පසුගිය අපේ‍්‍රල් මාසයේදී පැහැර ගැනීමට ලක්කළේය.


Facebook
Twitter
LinkedIn