බස්නාහිර පළාතේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන පරිදි බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කටයුතු කිරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් අද (11) මානව හිමිකම් කොමිසම ඉදිරියේ ගොනු කරන තිබේ.
බස්නාහිර පළාත තුළ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයට බඳවා ගැනීම සඳහා මහ ඇමති බලය යොදා ගනිමින් සිදුකරන බලහත්කාරී මැදිහත්වීමට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කරන ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ තිබෙන අනෙකුත් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිතිවලට තිබෙන සමාන අයිතිය උල්ලංඝණය වන පරිදි ශී‍්‍ර ලංකා නිදහස් ගුරු සංගමයට පමණක් සාමාජිකයින් බඳවා ගැනීමේ කි‍්‍රයාවලියක නිරතව සිටින බවත් මේ සඳහා මහ ඇමතිවරයා විසින් තම බලය අනිසි ලෙස යොදවාගනිමින් පළාතේ සියලුම අධ්‍යාපන කලාපවල ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්යක්ෂවරුන් කැඳවමින් රැස්වීම් පවත්වා පාසල්වල ගුරුවරුන් ශී‍්‍ර ලංකා නිදහස් ගුරු සංගමයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට බලපෑම් කර තිබෙන බවත් මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් ගුරු සංගමයට සාමාජික වන අය සඳහා තම අත්සනින් හැඳුනුම් පතක් ලබා දෙන බවටත්, එකී හැඳුනුම් පත ඇති අයට තමා හමූව රාජකාරි කටයුතු ඉටු කර ගැනීමේදී විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙන බවටත්, ශී‍්‍ර ලංකා නිදහස් ගුරු සංගමයට සාමාජික වන අය සඳහා පමණක් රජයෙන් සහන පදනම මත ලබාදෙන යතුරුපැදි ලබාදෙන බවටත්, ගුරු ස්ථානමාරු, වැටුප් සැකසීම, උසස්වීම් සැකසීම යන කරුණුවලදී මෙලෙස සාමාජික වන්නන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවටත් ඇමතිවරයා ප්‍රකාශ කොට ඇති බව මෙහිදී මහින්ද ජයසිංහ මහතා පැවසීය.










