ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රබල වැඩකොටසක් කිරීමට සූදානම්ව සිටියදී මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා හිටපු ජනාධිපතිවරිය අගය කරමින් වර්තමාන ජනාධිපතිවරයාව විවේචනයට ලක්වන ප්‍රකාශක් කර ඇත.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති කුඩා සහල් මෝල් හිමියන්ගේ හමුවකදී ඇමතිවරයා මෙම ප්‍රකාශය කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුව තුළින්ම පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය වාර්තා පළවන අතර ජනාධිපතිවරයාගේ කෙණහිළිකම්වලට ලක්ව සිටින ශ්‍රිලනිප මහා ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි ප්‍රකාශයක් කිරීම විශේෂත්වයක්ය.
වී අලෙවි මණ්ඩලය මූලික කරගනිමින් ඇමතිවරයා මෙම කතාව කර තිබුණද එය ජනාධිපතිවරයාට සහ ඔහු වටා සිටින කල්ලියට ඉතා සියුම්ව එල්ල කරන ලද බරපතල ප්‍රහාරයක් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.









