ජනාධිපතිවරයා අත්තනෝමතිවකව නීතිවිරෝධී ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුවහොත් ඊට එරෙහිව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක්ද එකතු වන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ලබන 12 වෙනිදින පැවැත්වීමට සූදානම් කර තිබෙන විරෝධතා රැලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙනි.
ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔහු පරාජයට පත් කිරීම වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සියලුදෙනා එකතු කරන බවත් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.
Views: 0









