මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා මහතාගේ ආධර කරුවන් පිරිසක් හා පෑලියගොඩ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් අතර පෙරේදා (08) රාත්‍රී පෑලියගොඩ බකිණිගහ පිල්ලෑව, ඕලුපොකුණ ප්‍රදේශයේදී ගැටුමක් සිදුවී තිබේ.
පෑලියගොඩ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති නිහාල් ආනන්ද මහතා මේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින්
”මේ එක පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිලා භාණ්ඩාගාරිකලා ඉන්න තැන. එකම ගමේ කණ්ඩායම් දෙකක් රැස්වීම් තියලා. මේ අපේම මර්වින් සිල්වා ඇමතිතුමා. අපිත් එක්ක එකට හිටිය ඇමතිතුමා. ඇමතිතුමා වුනත් දැනගන්න ඕන අපි ගමේ මන්ත්‍රීවරු ගමේ හිටපු කට්ටිය. අපි ගමේ ඉන්නකොට මේ වගේ වැඩක් කරන එක අපිට අපහාසයක්. ඇමතිවරයා හිතනවා මේ කරන වැඩේ හරි කියලා. ඉවසලා වැඩකරන්න කියලා අපි කියනවා. මම කියන්නෙත් මේ වැඩේ වැරදියි.”
මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතල ලෙස රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව කණ්ඩායම් නිර්මාණය වෙමින් පවතී. එම කණ්ඩායම් අතර ගැටුම් පසුගිය දින කිහිපයේදී විවිධ ප්‍රදේශ වලින් වාර්තා විය. සරත් – ලන්සා ගැටුම, පොළොන්නරුවේ ගැටුම්, මාතලේ ගැටුම් සහ තාමත් කරලියට නොපැමිණි ගැටුම් හා තවත් ගැටුම් සන්ධානය ඇතුළත නිර්මාණය වෙමින් පවතී.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග මෙම ගැටුම් බරපතල ලෙස මතුවිය හැකි බවත් මර්වින් සිල්වා ඇමතිවරයාද මේ වනවිට ආණ්ඩුව සමග කළකිරීමට පත්වී සිටින අතර එම විරෝධය මෙම ගැටුමටද බලපා ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.









