අක්මීමනත් බැංකොක් සවාරියේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු සහ එජාප මන්ත්‍රීවරු 12දෙනෙකු ජනතා මුදල් වියදම් කරමින් දින 07ක බැංකොක් සවාරියක නිරත වී තිබේ. ජවිපෙ මන්ත්‍රීවරයා සහ සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකු ඊට එක්වී නැත.

ඊයේ (07) පෙරවරුවේ මොවුන් මෙරටින් පිටත්ව ඇති අතර ඔවුන් 12දෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂ 13ක ඇස්තමේන්තුවක්ද සම්මතකරගෙන තිබේ.

කෙසේ නමුත් මෙම ඇස්තමේන්තුව සභාවේදී සම්මතකරගෙන ඇත්තේ ජවිපෙ මන්ත්‍රී සුගත් ආනන්ද මහතා සභාවේ නොසිටි අවස්ථාවක වීම විශේෂත්වයකි.

ජනතා මුදල් නාස්තිකාරී ලෙස යොදාගනිමින් සිදුකරන මෙවන් විදෙස් සංචාර සඳහා ජවිපෙ මන්ත්‍රීවරුන් ප්‍රතිපත්තියක් ලෙසම විරුද්ධවන බව දන්නා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සූක්ෂම ලෙස ඔහුව මගහරිමින් මෙම සංචාරය සංවිධානය කරගෙන ඇත.

කෙසේ නමුත් ආරංචිමාර්ග සඳහන්කරන පරිදි සන්ධාම මන්ත්‍රී අරුණ ශ්‍රී ලාල් මහතා මෙම සංචාරයට එක්වී නැත්තේ ඔහු එම සංචාරයේ යෙදීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් දැඩි සේ විරෝධය පළ කර ඇති බැවිණි.

Facebook
Twitter
LinkedIn