කටුනායක සටන ජයග්‍රහණයෙන් නිමයි

වැටුප් වැඩිකරගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් අද (05) පෙරවරු 10.00 සිට ඇරඹි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ 4,000ක් පමණ වන සේවකයින්ගේ වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් නිමාවට පත් කර ඇතැයි වාර්තාවේ.

ඔවුන්ගේ වැඩවර්ජනයේ ප්‍රධානතම ඉල්ලීම වූ රුපියල් දහදහසහක (රු.10,000) වැටුප් වැඩිකරගැනීම රුපියල් අටදාහසකින් (රු.8,000) වැඩකර දීමට අමාත්‍යංශය එකඟවී තිබේ. ඊට අමතරව පසුගිය මාද දෙකේ (සැප්තැම්බර්, ඔක්තෝබර්) හිග වැටුප්ද ගෙවීමට එකඟවී ඇත.

ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩවර්ජනයේ නිරත සේවකයන් සමග පවත්වා ඇති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැටුප් වැඩිවීමට දෙපාර්ශවයම එකඟවී තිබේ.

මෙම විරෝධතාවයට සියලුම සේවකයන් එක්ව සිටි අතර වර්ජනය ආරම්භ වී සුලු මොහොතකින් ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි කර තිබේ.

Facebook
Twitter
LinkedIn