හරක් මරණ කෙනෙක් ධීවර ඇමතිකමට ලොල් කරනවා – රාජිත

මාළු විතරක්‌ නොවෙයි හරකුන් පවා මරාගෙන කන කෙනෙකු ධීවර ඇමැතිකමට ලොල් බවකින් සිටින්නේ යැයි ඊයේ (4) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

එහිදී “ඇමැතිතුමා ධීවර ඇමැතිකම ගැන කලකිරිලද ඉන්නේ” යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව පවසා ඇත.

එහිදී ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ “එදා ධීවර ඇමැතිකම ලැබුණාම මම ටිකක්‌ කල කිරිලයි හිටියේ. එහෙම ඉන්න කොට තවත් ඇමැතිවරු කීප දෙනකු මා සමග කතා කළා. ඒ අයත් ලැබුණු ඇමැතිකම් ගැන අසතුටෙන් හිටියේ. ඒගොල්ලෝ හිටියේ හෙණ ගහලා වගෙයි. එහෙම බැලුවම මට වැදිලා තියෙන්නේ විදුලි සැරයක්‌ කියලා මම හිත හදාගත්තා.

සතුන් මරාගෙන කර්මාන්තවලින් එක ශතයක්‌වත් හම්බ කරන්න මට වුවමනාවක්‌ නැහැ. නමුත් මාළු විතරක්‌ නොවෙයි හරක්‌ පවා මරාගෙන කන අය මේ ඇමැතිකම ගැන උනන්දු ඇති.

කෙසේ නමුත් පසුගිය වසරේ අයවැය විවාදය අතරතුරදී ෆීලික්ස් පෙරේරා මහතා සහ රාජිත සේනාරත්න මහතා ඇතර උණුසුම් ලෙස වචන හුවමාරුවක් සිදුවූ අතර එහිදී ෆීලික්ස් පෙරේරා මහතා ගව මස් මඩු හිමියෙකු යැයි කියැවුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

Facebook
Twitter
LinkedIn