ගාල්ල දිස්ත්‍රික් ලේකම්, රවින්ද්‍ර හේවා විතාරණ මහතා ඊයේ (04) සවස හදිසියේම දිස්ත්‍රික්යේ පරිපාලන නිලධාරීන් සහ අධ්යක්ෂවරුන් කැඳවා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස දන්වා මත්පැන් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් පවතවා ඇත.
ගාල්ල හෝල් ගෝල්ඩ් ශාලාවේ මෙය පවත්වා තිබේ. ඊයේ පස්වරු 5.00 පමණ දිස්ත්‍රික්යේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැළසුම් අධ්යක්ෂවරුන් ඇතුලු අධ්යක්ෂවරුන්ද මෙයට කැඳවා තිබේ. ඊට අමතරව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙයට සහභාගී කරවාගෙන ඇත.
මේ සියලු දෙනාම මධුවිතින් සප්පායම් වී රත්‍රී භෝජනයට සම්බන්ධ වූ බව අනාවරණය වේ.
Views: 0









