2015 වර්ෂය සඳහා 40 ලක්ෂයක් පමණ වන සිසුන්ගේ නිල ඇඳුම් ලබා දීම වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 250ක්ය. එම මුදල රටේ සමස්ත සිසුන්ගෙන් බෙදූ විට එක් සිසුවෙකුගේ නිල ඇදුම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 625කි.
රටේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ නිල ඇදුම් වෙනුවෙන් ආණ්ඩුව වසරකට රුපියල් 625ක් පමණක් වෙන් කරද්දි ජනාධිපතිවරයාගේ ලබන වසරේ දිනක වියදම වෙනුවෙන් රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂයක් (රු. 28,700,000) වෙන් කර ගෙන ඇත.
2010 ජනාධිපතිවරණය සඳහා ලබා දුන් මහින්ද චින්තන ඉදිරි දැක්ම පොරොන්දු මාලාවට අනුව ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කරන බව සඳහන් කර තිබේ. එහෙත් එම පොරොන්දු මාලාවේම සඳහන් කර ඇත්තේ වසර 2020 වන විට අධ්‍යාපනය සඳහා රජයේ වියදම රුපියල් මිලියන 85,000කට සීමා කර පෞද්ගලික අංශයේ එම වියදම රුපියල් මිලියන ලක්ෂයක් දක්වා වැඩි කරන බවය.
Views: 0









