මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වරටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය හැකිද නොහැකිද සහ ඔහුගේ දෙවන ධුර කාලය අවසන් වීමට පෙර නැවත ජනාධිපතිවරණය කැඳවිය හැකිද නොහැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (05) ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම ඉල්ලීම කර ඇති අතර ඉතාම හොර රහසේ ජනාතාවගෙන් වසන් කර මෙම මතය විමසීම සිදු කිරීමට සැලසුම් කර ඇති බව හෙළි වේ. ඒ බව හෙළි වන්නේ වාචිකව තම අදහස් දැක්වීමට අවස්ථාව නොදී ලිඛිතව කරුණු දක්වන ලෙස සඳහන් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට යැවූ ලිපියකිනි.
එම ලිපියෙන් දන්වා ඇත්තේ, ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇති කරුණට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලිඛිත කරුණු දැක්වීම මේ මස 7 වනදා සවස 3.00ට පෙර යොමු කරන ලෙස ය.
මේ වනවිට වාර්ථාවන අන්දමට ලබන සිකුරාදා (07) මෙය විභාග කර ලබන සඳුදා (10) ජනාධිපතිවරයා වෙත දැන්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මෙම ලිපිය යොමු කර ඇත්තේ අගවිනිසුරුවරයාගේ උපදෙස් මත යැයි සඳහන් වේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත යොමුකර ඇති ලිපිය









