ඉන්දියාවේ වැඩිම මත්පැන් භාවිතා වන ප්‍රාන්තය වන කේරළ ප්‍රාන්තයේ මත්පැන් ශාලා 700ක් වසා දමන ලෙස ප්‍රාන්ත රජය නියෝග කර ඇති අතර ඉන්දීය මහාධිකරණය විසින් එම තීරණය අනුමත කර තිබේ.
ඉන්දියාව තුළ බරපතල ලෙස මත්පැන් භාවිතය ඉහළ යමින් පවතින බවත් කේරළ ප්‍රාන්තයේ එක් අයෙකු වසරකට මත්පැන් ලීටර 5.7ක් පානය කරන බවත් තහවුරු වී තිබේ. කේරළ ප්‍රාන්තය ඉන්දියාවේ පොහොසත්ම ප්‍රාන්තය ලෙසද හදුන්වයි. 2023 වන විට මත්පැන් භාවිතය අවම කිරීමේ සැළසුමක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩසටහනේ කේරළ ප්‍රාන්තයේ සුපිරි හෝටල් 21ක් සහ තරු හතරේ හෝටල් 33කද මත්පැන් ශාලා වසා දැමීමට සිදු වේ.
ලංකාවට අල්ලපු රටේ එසේ වුවත් මේ වනවිට ලංකාවේ වසරකට පානය කරන මත්පැන් ප්‍රමාණය සීඝ්රයෙන් වැඩිවීමට පටන්ගෙන තිබේ. 2005 වසරේදී මත්පැන් ලීටර් කෝටි 12.8 වූ අතර 2010 වසර වනවිට එය ලීටර කෝටි 14.8ක් දක්වා වැඩි විය. 2011 වනවිට ලීටර් කෝටි 22.4ක් දක්වා වැඩිවී තිබේ. එම ප්‍රමාණය ජනගහණයෙන් බෙදු විට එක් පුද්ගලයකු වසරකදී මත්පැන් ලීටර් 11.2ක් 2011වසරේදී පානය කර තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම මත්පැන් පානය කරන්නන්ගේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
රජයේ ප්‍රධන බදු ආදායම් මාර්ගයක් වශයෙන් සුරාබදු ආදායම මුල්තැනක් ගනී. මතට තිත යනුවෙන් දේශපාලන යෝජනාවක් තිබුණද යථාර්තය වී තිබෙන්නේ මත්පැන් භාවිතය ව්‍යාප්ත කෙරෙමින් ඒ මගින් රජයේ ආදායම් වැඩිකර ගැනීමයි. ඇමතිවරුන් දෙදෙනෙකු ස්කාගාර පවත්වාගෙන යන අතර තවත් අති විශාල ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් බාර් හිමිකරුවන්ද බවට පත්වී සිටිති.









