බර්කිනා පාසෝ පසුගිය සතියේ ගිණිගත්තේය. වසර 27ක කාලයක් එරට පාලන බලය නතු කරගෙන සිටින බ්ලේස් කොම්පාඕර් තවත් වසරක කාලයක් ජනාධිපති ධූරය හෙබවීමේ කාලය දිගුකර ගැනීමට දැරූ උත්සාහයට එරෙහිව එරට ජනතාව ප්‍රකෝප වී පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිණිතබා රටේ ප්‍රධාන රූපවාහිනී මධ්‍යස්ථානයද අල්ලා ගනු ලැබීය.
ආණ්ඩුවට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ එරට රජයේ ප්‍රධාන පෙලේ නියෝජිතයින් කිහිප දෙනෙකුම රටින් පලා යෑමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. වසර 27ක පාලන කාලය එපා වී සිටින ජනතාව පාලකයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවයක් මේ වනවිට නිර්මාණය කර තිබේ. ජනාධිපතිවරයා ඉබෝලා වසංගතයට සමාන කරමින් විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.
27 වසරක පාලන කාලය තුළ නූගත්කම, මන්ද පෝෂණය, අඩු ආයු අපේක්ෂාව, ආර්ථික කඩා වැටීමට ලක්වී ලෝකයේ දරිද්‍රතාවයෙන් පිරුණු රටක් බවට පත්ව තිබේ. අප්‍රිකානු රටක් වන බර්කිනා පාසෝ මාලි, ඝානා, නයිජර් යන රටවලට මැදිව පිහිටා ඇත.















