”මාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළවන්න කිහිප දෙනෙකුට වුවමනා වෙලා තියෙනවා” යනුවෙන් උතුරුමැද පළාත් සභාවේ හිටපු මහඇමත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත් අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති එතුමා,
” ආණ්ඩුවේ ඉන්න ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයකුගේ වෙබ් අඩවියක් විසින් තමයි මාත් ඇතුළු තව හතරක් ආණ්ඩුවෙන් යනවා කියලා දාලා තියෙන්නේ. හැබැයි මට ශ්‍රිලනිපයෙන් යන්න කිසිම අදහසකුත් නැහැ ” ඒ වගේම මාව ශ්‍රිලනිපයෙන් එළවන එකත් එච්චර ලේසි නැහැ. යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට ආණ්ඩුව තුළ ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨයින් රාජපක්ෂ පාලනයට එරෙහිව තැන් තැන්වල ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ඊට අමතරව පක්ෂය අභ්‍යන්තරයේ රාජපක්ෂ පාලනයට එරෙහිව කණ්ඩායම් නිර්මාණය වී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් එම කණ්ඩායම් අතරද බරපතල ගැටුම් නිර්මාණය වී තිබේ. දුමින්ද දිසානායක ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට ආණ්ඩුවේ එම දේශපාලන ගැටුම් බලපා ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.









