මාලක සිල්වාට වැඩවරදී

පහර කෑමට ලක්වූ බව කියමින් රෝහල් ගතව සිටී මාලක සිල්වා මහතා අද (01) පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ස්කෝට්ලන්ත ජාතික යුවලකට පහරදී ඔවුන්ට තුවල සිදුකර මාලක සිල්වා රෝහල්ගතව සිට ඇත. මෙම සිදුවීම පිළිබඳ පොලිසිය විසින් විමර්ශනය කර මාලක සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කොටගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන අඟහරුවාදා (04)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

පසුගිය දින කිහිපයේ මර්වින් සිල්වා මහතා පුවත් මවමින් රාජපක්ෂ ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළ අතර ”තෝත් මරාගෙන මාත් මැරෙනවා” යනුවෙන්ද ප්‍රකාශ කරනු ලැබීය. මර්වින් සිල්වාගේ දේශපාලන අනාගතය මෙම සිදුවීමත් අවිනිශ්චිත වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn