පසුගිය බ්‍රහස්පතින්දා (30) පැවති ශ්‍රීලනිපයේ ප්රවෘත්ති සාකච්ඡාවේදී එම පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රමාත්‍ය ධූරය පිළිබඳව තමාගේ පවතින අපේක්ෂාව තහවුරු කළේය.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මෙම ප්‍රවෘති සාකච්ඡාව පවත්වනු ලැබීය. පසුගිය කාලයේ ආණ්ඩුව විසින් පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡා සියල්ලම පාහේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් පවත්වනු ලැබීය. නමුත් මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවෘති සාකච්ඡාවක් ලෙස පැවැත්වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව නියෝජනය කරමින් මෙවැනි ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වූයේ බොහෝ කාලයකට පසුවය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප බලමණ්ඩලය විසින් අගමැති ධූරය සිරිසේන මහතාට ලබා දිය යුතු බව යෝජනා කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි. අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දැඩි සිනාමුසු මුහුණින් පැවසූයේ එය ලබා දුනහොත් භාරගන්නා බවය.
අගමැති ධූරය පිළිබඳව නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයාගේද අදහසක් පැවති අතර ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල ආසනය පරාජය වීමෙන් අනතුරුව ඔහුට එම අදහස සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට සිදුව තිබේ. මේ අතර මීළග අගමැති ධූරය බැසිල් රාජපක්ෂ හෝ පවිත්‍රාවන්නි ආරච්චි වෙත ලබා දීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ධූරය ලබා ගැනීම සඳහා දැඩි අපේක්ෂාවකින් පසුවන බව මෙහිදී පැහැදිලි විය.









