තවත් පරිඝණකයක් මියයයි

 

එම්.අයි.ටී සහ ස්ටැන්ෆෝඩ් යන කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරවල නිර්මාතෘ මෙන්ම ජේන්මැකාර්ති ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥයෙකු වූ ජෝන් මැකාර්ති පසුගියදා ඇමරිකාවේදී මියගියේය.

ඔහු පරිගණක භාෂා වැඩසටහන් සහ කෘතීම බුද්ධි තාක්ෂණයේ පුරෝගාමීයෙකි. 1927 සැප්තැම්බර් මස 04 වෙනි දින උපන් ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ ගණිතය පිළිබද උපාධිය ලද්දෙකි. 1951 දී ගණිතය විෂය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක්ද හමි කරගත්තේය. ඉන්පසු කින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක් දැරූ අතර පරිගණක ‍ක්‍ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළේය.

මිය යන විට ඔහු 84 වෙනි වියේ පසු විය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්