2010 වර්ශයේ පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවර පෙනීසිටීමෙන් සමත්ව 2013 දී උසස් පෙළට සූදානම්වන දුප්පත් පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා මසකට රුපියල් 500 බැගින්වූ ශිෂ්‍යත්වයක් පිරිනැමීමට ආඩම්බරකාර තාත්තා තීරණය කර තිබේ.
ජනාධිපති අරමුදල මගින් මෙම ශිෂ්‍යත්ව පිරිනමන බවද ඒ සදහා අයදුම්පත් කැදවන බව පසුගිය ඔක්තෝම්බර් 24 වනදා ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ දැන්වීමක් පලකර තිබිණ. මසකට රුපියල් 5000 නොයික්මවා ආදායම් ලබන පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සදහා ඉල්ලුම්කළ හැකි බව එහි සදහන් වේ. අදාල විදුහලේ විදුහල්පති වරයා මගින් එම අයදුම්පත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත යොමු කිරීමෙන් අනතුරුව එම නිලධාරියා විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වන බව සදහන්වේ. සමාජීය වශයෙන් දරුවන් අපහසුතාවයට ලක්කරන තෝරාගැනීමේ ක්‍රියා පටිපාටියකින් දුප්පත් දරුවන් සදහා මෙවැනි සොච්චමක් විසිකිරීම පිළිකුල් සහගතය.
පස්යාලයේ පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පකිස්ථානයෙන් ලද ආධාර ගිණුම්ගත කිරීමේ ක්‍රියාවලියට පමණක් රුපියල් 13700000 (එක්කෝටි තිස් හත් ලක්ෂයක්) වියදම් කරන පාලකයන් ශිෂ්‍යත්ව නමින් මෙවැනි සුළු මුදලක් ලබා දේ. එම මුදල වෙන්කරගෙන තිබුනේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසිනි.
ආඩම්බරකාර තාත්තලාගේ පවුල්වල උදවිය සහ ගජමිතුරන් මෙලෙස මහජනතාවගේ සම්පත් කොල්ලකන අතර අන්ත දුගී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙසේ සොච්චම් මුදලක් විසිකිරීම පිළිකුල් සහගත බව විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් පෙන්වා දෙති.









