රාජ්‍ය සේවයේ තනතුරුවත් නොදන්නා ජනාධිපති ලේකම් ග්‍රාම නිළධාරීන්ට කොවිඩ් බර පටවයි…

රාජ්‍ය සේවයේ තනතුරුවත් නොදන්නා ජනාධිපති ලේකම් ග්‍රාම නිළධාරීන්ට කොවිඩ් බර පටවයි…

ජනාධිපති ලේකම්වරයා විසින් “ග්‍රාම සේවා නිළධාරීන්” යනුවෙන් හඳුන්වමින් දිස්ත්‍රික් ලේකම්වරු හරහා යවා ඇති නිල ලිපියක් මගින් ග්‍රාම නිළධාරීන්වෙත කොවිඩ් එන්නත් ලබාදී අවසන් වූවන් පිළිබඳ සංඛ්‍යා ලේඛන සපයන ලෙස දන්වා ඇත.

මේ වනවිට “ග්‍රාම සේවා නිළධාරීන්” යනුවෙන් හඳුන්වන රාජ්‍ය සේවයේ තනතුරක් නොමැති අතර එය “ග්‍රාම නිලධාරීන්” බව ජනාධිපති ලේකම්වරයා නොදැන සිටීම කණගාටුවට කරුණකි.

එසේම මේ වනවිට කොවිඩ් මර්ධන කටයුතු වෙනුවෙන් අමතර රාජකාරීන් රැසක් ඔවුන් වෙත පවරා තිබුණද ඒ සඳහා දැරෙන වියදම් වෙනුවෙන් අමතර කිසිදු ගෙවීමක් ග්‍රාම නිළධාරීන් වෙත ලබා නොදෙයි. එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් කාර්යමණ්ඩල මගින් ලබාගත හැකි එන්නත් කරණය පිළිබඳ දත්ත ගෙයින් ගෙට ගොස් සමීක්ෂණය කර ලබාදෙන ලෙස ග්‍රාම නිළධාරීවරුන් වෙත දන්වා ඇත.

මේ වනවිටද දැඩි සෞඛ්‍ය අවධානමක් ගෙන රාජකාරීවල යෙදී සිටින ග්‍රාම නිළධාරීන් මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීමේ ලිපියක්ද යොමු කර ඇත.

Facebook
Twitter
LinkedIn