බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 46 දෙනකු ඊයේ (28) හඳුනා ගැණුනු බව එම කාර්යාලය සඳහන් කරයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත අනාවරණය කර ඇත්තේ එම ආසාදිතයන් 46 දෙනාද සමග එම බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන් ගණන 2,311 දක්වා ඉහළ ගොස් ඇති බවය.
අප්‍රේල් මස 19 වැනි දින සිට ඊයේ දක්වා සිදු කරන ලද PCR පරීක්ෂණ 3,678කින් එම රෝගීන් වාර්තා වී ඇතැයිද ඒ අතර ගර්භණි මාතාවන් 25 දෙනකු සිටින බව එම ප්‍රකාශිකාව පැවසීය.
කොරෝනා වයිරසය හේතුවෙන් එම කාලය තුළදී පුද්ගලයන් 47දෙනෙකු මියගොස් ඇතැයිද ඇය සඳහන් කරයි.
0









