ලංකාවට කඩුලු 04ක ජයක්

ලංකාවට කඩුලු 04ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ දෙවන T20 තරඟයෙන් කඩුලු 04ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.

ශිකර් ධවාන් ලකුණු 40ක් ලබාගත් අතර අකිල ධනංජය කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 19.4ක් තුළ කඩුලු 06ක් දැවී ලකුනු 133 ලබාගෙන තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක ලකුණු 36ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබාගැනීමට සමත් විය. එමෙන්ම චාමික කරුණාරත්න පන්දු 6කදී එක් 06 පහරක් සමග ලකුණු 12ක් රැස්කිරිමට තරඟයේදී කැපී පෙණුන දස්කමක් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්