හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයිද ඔහුට එල්ලවී ඇත්තේ ඉතාමත් බරපතල චෝදනාවක් බවත් බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.
රන්ජන් රාමනායකට පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂය පසුගියදා ඉල්ලීමක් කර තිබූ අතර කලාකරුවන් පිරිසක්ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් රන්ජන් රාමනායකට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. එම කලාකරුවන් සඳහන් කර සිටියේ සිනමා කර්මාන්තය ගොඩ ගැනීමටනම් රන්ජන් රාමනායක ක්ෂේත්‍රයට අවශ්‍ය බවය.
0










