අපරාධ නීතිය යටතේ අධිකරණයෙන් දඬුවම් ලැබූ වරදකරුවන් නිදහස් කර යවමින් තිබියදී වචන පාවිච්චි කිරීම රන්ජන් රාමනායක කලාකරුවාට දඬුවම් පමුණුවා තිබීම අසාධාරණ බවත් ඒ නිසා ඔහුව නිදහස් කරන ලෙසත් ඉල්ලා කලා කරුවන් මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මේ සඳහා කිසිදු පක්ෂ බේදයකින් තොරව විශාල කලාකරුවන් පිරිසක් ඒකරාෂී වී පසුගිය 27 වෙනිදා මාධ්‍ය හමුවක් පැවැත්වීය.
චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පීන් මේ සඳහා එක්වී සිටියහ. ජීවන් කුමාරතුංග, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, අනූෂා දමයන්ති, නදීකා ගුණසේකර, ජනිත් වික්‍රමගේ, බුද්ධික ජයරත්න, සුරංග ද අල්විස්, සරත් ද අල්විස්, සුනිල් ටී ප්‍රනාන්දු සහ උදයකාන්ත වර්ණසූරිය ඇතුළු කලාකරුවන් පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා එක්වී සිටියහ.
1










