හම්බන්තොට ලංකා ලුණු සමාගම යාපනය ප්රදේශයට බෙදාහැරීම සඳහා පෞද්ගලික ලොරියක් මගින් මුද්රා තබා යැවූ ලුණු කිලෝ විසිදාහක් (20,000Kg) අතුරුදන් වී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අදාළ ලොරි රථයේ රියදුරු රන්න ප්රදේශයේදී පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත.
පසුව ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්රකාශ ලබාගෙන ඇති නමුත් ඔහුගෙන් ලබා ගත් එම ප්රකාශ පරස්පර වීම හේතුවෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශනයක් ක්රියාත්මක කර තිබේ.
පසුගියදා එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමග එහි තිබූ විෂ සහිත අපද්රව්ය මුහුදු ජලයට මිශ්රවීමේ සාකච්ඡා සමග ලුණු හිගවීමක් සම්බන්ධයෙන්ද සමාජය තුළ දැඩි කතාබහත් ඇති වී තිබිණි.
Views: 0










